ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ආර්. ශ්‍රීධර් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු වශයෙන් බදවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත.
ඒ අනුව හිටපු ඉන්දීය ජාතික කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ආර් ශ්‍රීධර් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ පන්දු රැකීමේ ප්‍රමිතීන් ඉහළ නැංවීම සඳහා පුළුල් දින 10ක පන්දු රැකීමේ වැඩසටහනක් පැවැත්වීමට නියමිතය.
මෙම විශේෂිත වැඩසටහන මැයි 7 වන දින ආරම්භ වන අතර පිරිමි සහ කාන්තා ජාතික සංචිත, නැගී එන සංචිත, ප්‍රිමියර් ක්ලබ් ක්‍රීඩිකාවන් සහ ජාතික වයස 19න් පහළ කණ්ඩායම සහ කාන්තා කණ්ඩායම ද සම්බන්ධ වේ.
බී.සී.සී.අයි 3 වන මට්ටමේ සුදුසුකම් ලත් පුහුණුකරුවෙකු වන ශ්‍රීධර් 2014 සිට 2021 දක්වා ජාත්‍යන්තර තරඟ 300 කට අධික සංඛ්‍යාවක ඉන්දියාවේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස සේවය කර ඇත.
හිටපු ඉන්දීය පන්දු රැකීමේ පුහුණුකරු ශ්‍රී ලංකා ජාතික පිරිමි කණ්ඩායම සමඟ වැඩසටහන ආරම්භ කරන අතර පසුව අනෙකුත් කණ්ඩායම් පුහුණු කරනු ඇත. එහිදී ඔහු ක්‍රීඩා තත්වයන් අනුකරණය කිරීම සඳහා පන්දු රැකීමේ අභ්‍යාස, කුසලතා-විශේෂිත පුහුණුව සහ අනුකරණය කරන ලද තරඟ අවස්ථා පවත්වනු ඇත.