ශ්‍රීලංකන් ගුවන් සේවය ජාත්‍යන්තර ගුවන් නියමු දිනය සමරයි

2025 අප්‍රේල් 26 වන දිනට යෙදෙන ජාත්‍යන්තර ගුවන් නියමු දිනය (International Pilots’ Day)  නිමිත්තෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ  පිහිටි සිය ගුවන් පියාසැරි ඒකකයේදී (Flight Dispatch Centre) උත්සවයක් පැවැත්වීය. මෙහිදී ගුවන් නියමුවන්ට ඔවුන්ගේ කැපවීම අගයමින්,  පියාපත් ලාංඡනය සහිත විශේෂ වාහන ලාංඡනයක් පිරිනැමිණි. ගුවන් නියමු තේමාවෙන් යුතුව සකස් කල ආහාර පානවලින් සංග්‍රහ කරන ලද මෙම උත්සවයෙදී ශ්‍රීලංකන් ගුවන් සේවය අංක එකට ගෙන ඒම සඳහා ගුවන් නියමුවන් දරන උත්සාහය හා කැපකිරීමට කෘතඥතාව පළ කරන ලදී.