21 වැනිදා මැතිවරණ පැමිණිලි වාර්තා කරන්න විශේෂ දුරකථන අංක කිහිපයක්

මැතිවරණ කොමිෂන් සභාවේ මැතිවරණ ආරවුල් නිරාකරණ ඒකකයේ විශේෂ දුරකථන අංක කිහිපයක් මැතිවරණ කොමිසම විසින් හඳුන්වා දී තිබෙනවා

ඒ එළැඹෙන 21වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළ ඡන්ද විමසීම නිදහස් හා සාධාරණ ලෙස පැවැත්වීමට සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සහ ඡන්ද විමසීම් සිදුවන අවස්ථාවේදී අනීතික ක්‍රියා පිළිබඳ වාර්තා කිරීම සඳහායි.

මැතිවරණ කොමිෂම ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේ ස්ථාපිත කර ඇති ජාතික මැතිවරණ ආරවුල් නිරාකරණ ඒකකය වෙත අදාළ සිදුවීම් නොපමාව වාර්තා කරන ලෙසටයි.