ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලය ලෙස ඉහළ පිළිගැනීමකට පාත්රවී සිටින SLIIT ආයතනය, නැගී එන කර්මාන්ත අවශ්‍යතාවන්ට සහ ජාත්‍යන්තර අධ්‍යාපන රටාවන්ට ගැලපෙන අයුරින් සකස් කරන ලද පශ්චාත් උපාධි පාඨමාලා රැසක් සිසුන් හට ලඟා කර දේ.
පරිගණකකරණය (Computing), ව්‍යාපාර අධ්‍යයනය (Business), ඉංජිනේරු විද්‍යාව (Engineering), ගෘහ නිර්මාණ ශිල්පය (Architecture)، අධ්යාපනවේදය (Education) යන ක්ෂේත්රවල උසස් අධ්‍යාපනය හැදෑරීමට හෝ නැගී එන නවීන කෘත්‍රිම බුද්ධිය පිළිබඳ ශාස්ත්‍රපති (MSc in Artificial Intelligence) උපාධියක් හැදෑරීම සඳහා SLIIT ආයතනය සිසුන් හට අධ්‍යයන විශිෂ්ටත්වය, ප්‍රායෝගික විශේෂඥතාව සහ වටිනා කර්මාන්ත සහයෝගීතාවය සමගින් අසමසම වූ ප්රතිලාභ අත්කර දෙනු ලබයි.
සිසුන්ගේ උසස් අධ්‍යාපන අවශ්‍යතාවයන් සඳහා පහසුවෙන් තෝරාගත හැකි පරිදි, පූර්ණ කාලීන සහ අර්ධ කාලීන වශයෙන් එහි අධ්‍යයන පාඨමාලා පෙළගස්වා ඇත. අධ්‍යාපනය පිළිබඳ ශාස්ත්‍රපති (Master of Education), අධ්‍යාපනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමා (Postgraduate Diploma in Education), ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති (Master of Business Administration – MBA), විද්‍යාවේදී (Master of Science – MSc), දර්ශනපති (Master of Philosophy – MPhil) සහ දර්ශනය පිළිබඳ ආචාර්ය (Doctor of Philosophy – PhD) යන පිළිගත් උපාධි පාඨමාලා රැසක් ඊට ඇතුළත් වේ. පර්යේෂණ මත පදනම් වූ ඉගෙනීම, නවෝත්පාදනය සහ සැබෑ ලෝකය තුළ පවතින භාවිතයන් පිළිබඳව අවධාරණය කරමින් SLIIT සිය උපාධිධාරීන් හට වෘත්තීය ප්‍රගතිය, නායකත්වය සහ ජීවිතයට අවශ්‍ය ප්‍රායෝගික කුසලතා රැසක් සලසා දෙනු ලබයි.
විශ්වවිද්‍යාලය සතුව රසායනාගාර, නවීන පුස්තකාලයක් සහ අධ්‍යයන කටයුතු සඳහා වෙන් වූ පොදු අවකාශයන් සහ අති නවීන මාර්ගගත පද්දති වැනි පහසුකම් රැසක් පවතී. SLIIT ආයතනයෙහි ඉහළ සුදුසුකම් ලත් අධ්‍යයන කාර්ය මණ්ඩලය, ජාත්‍යන්තර අත්දැකීම් සමගින්, සිසුන්ව ඔවුන්ගේ අදාළ අධ්‍යයන ක්ෂේත්‍ර තුළ ඉදිරියෙන්ම ස්ථානගත කරමින්, කර්මාන්ත විශේෂඥතාව, අති නවීන වූ පර්යේෂණ ඉතා පහසුවෙන් ඔවුන් වෙත ලබා දෙයි.
අධ්‍යාපන ක්ෂේත්රයේ සහ තාක්ෂණ දියුණුවේ පෙරමුණේ සිටින SLIIT ආයතනය, කෘත්‍රිම බුද්ධිය පිළිබඳ MSc උපාධිය මෑතකදී හඳුන්වා දෙනු ලැබීය. එය යාන්ත්‍රික අධ්‍යයනය (Machine Learning), ගැඹුරු ඉගෙනීම (Deep Learning), AI උත්පාදන (Generative AI), රොබෝ විද්‍යාව (Robotics) සහ වගකිවයුතු AI භාවිතයන් (Responsible AI Practices) පිළිබඳ විශේෂඥතාවය වැඩිදියුණු කිරීම සඳහා නිර්මාණය කරන ලද පුරෝගාමී පාඨමාලාවකි. මෙම පාඨමාලාව, අධ්‍යයනයේ ගුණාත්මකභාවය සහ ප්‍රායෝගික යෙදුම් ඒකාබද්ධ කරමින්, AI නවෝත්පාදන ක්ෂේත්රය තුළ ඉහළ ඉල්ලුමක් ඇති වෘත්තීන් සඳහා උපාධිධාරීන් බිහිකිරීමට රුකුලක් වේ. එමෙන්ම ඒ තුළින් විචාරාත්මක බුද්ධිය සහ සදාචාරාත්මක අවබෝධය ලබා දෙයි.
SLIIT හි විශිෂ්ටත්වය දිනෙන් දින ඉහළ යන එහි ගෝලීය පිළිගැනීම හරහා මැනවින් විදහා දැක්වේ. බහුවිධ ජාත්‍යන්තර විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම් වල ශ්‍රී ලංකාවේ අංක එකේ රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලය ලෙස SLIIT පත්වීම විශේෂත්වයකි.
SLIIT, 2025 Times Higher Education ගෝලීය ශ්‍රේණිගත කිරීම යටතේ, ශ්‍රී ලංකාවේ සියලුම විශ්වවිද්‍යාල අතරින් සම තෙවන ස්ථානය අත්කර ගැනීමට ද සමත්ව ඇත. එය AD (Alper- Doger) විද්‍යාත්මක දර්ශකයේ 2025 වසරේ ලෝක තරුණ විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්වල ඉහළම ස්ථානය ලබා ගෙන ඇති අතර, 2024 SCImago ආයතනික ශ්‍රේණිගත කිරීමේද සමස්තයක් ලෙස පස්වන ස්ථානයට පත්ව තිබේ. එමෙන්ම 2025 වසරේ Times Higher Education ගෝලීය ශ්‍රේණිගත කිරීමෙහි , SLIIT පරිගණක විද්‍යා විෂය සඳහා ගෝලීය වශයෙන් 1001+ කාණ්ඩයට ඇතුළත්ව ඇති අතර මෙම විෂය සඳහා ශ්‍රී ලංකාවේ සියලුම විශ්වවිද්‍යාල අතරින් 2 වන ස්ථානය හිමි කර ගැනීමටද SLIIT ආයතනය සමත්ව ඇත.
මෙම කීර්තිමත් ශ්‍රේණිගත කිරීම හරහා SLIIT ආයතනයෙහි ජාත්‍යන්තර පිළිගැනීම තවදුරටත් ඉහළ ගොස් ඇති අතර, ඒ තුළින් පරිගණක විද්‍යා ක්ෂේත්රයේ අධ්‍යයන හා පර්යේෂණ විශිෂ්ටත්වය සඳහා SLIIT දක්වන අඛණ්ඩ කැපවීම මනාව පිළිබිඹු වේ. එය SLIIT ආයතනයේ කැපවීම, එහි උපාධි පාඨමාලාවල ගුණාත්මකභාවය සහ කාර්ය මණ්ඩලයේ සහ සිසුන්ගේ ජයග්‍රහණ පිළිබඳ කදිම නිදසුනකි.
ජනවාරි සහ ජූලි මාසවල පාඨමාලා සඳහා නව බඳවා ගැනීම් සිදු කරනු ලබන අතර, වෘත්තීය මට්ටමේ දියුණුවක් අපේක්ෂා කරන වෘත්තිකයන්, තම විශේෂඥතාව වර්ධනය කර ගන්නා විද්වතුන්, පර්යේෂකයින් සහ රැකියා වෙළඳපොළේ තරගකාරී අවස්ථාවන් ලබා ගැනීමට අපේක්ෂා කරන උපාධිධාරීන් හට SLIIT ආරාධනා කරයි.
පශ්චාත් උපාධි පාඨමාලා පිළිබඳව වැඩිදුර තොරතුරු info@sliit.lk විද්‍යුත් තැපෑලෙන්ද, +94 11 754 4801 යන දුරකථන අංකයෙන් හෝ www.sliit.lk වෙබ් අඩවිය ඔස්සේ ලබා ගත හැකිය.