විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අතිකාල දීමනා ගණනය කිරීමේදී අසාධාරණ සිදුකර ඇති බව දක්වමින් වෘත්තිය සමිති එහි සභාපතිවරයා වෙත ලිපියක් යවා තිබෙනවා.
2025 වසරේ තුන්වන මස 25 වන දින කළමනාකරණ සේවා චක්‍රලේඛ අංක 01/2025 මගින් කාර්ය මණ්ඩලය වෙත අතිකාල දීමනා ගෙවීම මූලික වැටුපෙන් 1/240 ලෙස ගණනය කළ යුතු බවට සඳහන් කර තිබීම මගින් එම නිලධාරීන්ගේ අධිකාල දීමනාව සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුවන බව මෙම වෘත්තිය සමිති පෙන්වා දෙනවා
අති කාල දීමනා ගණනය කිරීම සඳහා පැවති ක්‍රමවේදයම යොදා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස මෙන්ම පවතින ක්‍රමවේදය ප්‍රකාරව ඉදිරියටත් දීමනා ගණනය සිදුකිරීම සඳහා අවශ්‍ය අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරන ලෙසත් ඔවුන් ලිඛිතව දන්වා තිබෙනවා
මේ සම්බන්ධයෙන් සාධනීය පිළිතුරක් නොලැබෙන්නේ නම් වෘත්තිය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවද වෘත්තීය සමිති සඳහන්න් කරනවා.
