ශ්‍රී ලංකා – බංග්ලාදේශ ක්‍රිකට් යළි අමනාපයට

නයි පෙන්වීමට යාමෙන් කලක් අමනාපයෙන් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර යළිත් මතබේද ඇතිවන තත්ත්වයක් වාර්තා වී තිබෙනවා.

ඒ,ශ්‍රී ලංකා කණ්ඩායම බොහෝ අවස්ථාවල වෙලාව පෙන්වීම නිසයි.

සමූහ ඡායාරූපයට පෙනී සිටියදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු දෙනා එක්ව ඔරලෝසුව පෙන්වමින් 2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ දී බංග්ලාදේශ කණ්ඩායම ඇන්ජලෝ මැතිව්ස් නියමිත වේලාවට පන්දුවට පහරදීමට නොපැමිණි බව දන්වා දවාගත් අවස්ථාව සිහිපත් කර තිබුණා.

බංග්ලාදේශ කණ්ඩායම මෙන්ම ඔවුන්ගේ ක්‍රීඩාලෝලීන් මේ වනවිට ඒ සම්බන්ධයෙන් දැඩි ලෙස කම්පනයට පත්ව ඇති අතර නායක නජ්මුල් හොසේන් ෂැන්ටෝ පවසා සිටියේ ශ්‍රී ලංකාව තවමත් සිටින්නේ අතීතයේ බවයි.

පසුගිය තරගයේදීම ශකීබ්ව දවාගත් අවස්ථාවේ මැතිව්ස් වෙලාව පෙන්වීමට කටයුතු කළා.

මැතිව්ස්ගේ දවාගැනීම නිසා ශ්‍රී ලංකාව වියරුවෙන් පසුවන බවත් බංග්ලාදේශ නායකයා සඳහන් කරනු ලැබුවා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා සහාය පුහුණුකරු නවීඩ් නවාස් පවසා ඇත්තේ ‘අපි ඒ සියල්ල අමතක කළ යුතුයි “. යනුවෙනුයි.

ශ්‍රී ලංකා කණ්ඩායම වේලාව පෙන්වන අවස්ථාවක් පහතින් දැකිය හැකියි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!