බංග්ලාදේශයට ලකුණු 166ක ඉලක්කයක්

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 165ක්.

තරගයේ කාසියේ වාසිය බංග්ලාදේශ කණ්ඩායම විසින් හිමිකර ගත් අතර පළමුවෙන් පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකාවට ආරාධනා කළා.

තරගය ජයගැනීම සඳහා බංග්ලාදේශයට හිමිවී ඇති ඉලක්කය ලකුණු 166ක්.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!