ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තීන්ත සන්නාමයක් සහ අංක එකේ රථ වාහන රීෆිනිෂ් නිෂ්පාදනය වන ඒෂියන් පේන්ට්ස් කෝස්වේ සමාගම මෙරට ප්‍රමුඛතම මෝටර් රථ ධාවන තරඟාවලියක් වන “ඒෂියන් පේන්ට්ස් කෝස්වේ SLADA මෝටර් රථ ධාවන තරඟාවලිය සඳහා අනුග්‍රාහකත්වය දක්වන බව පසුගිය දා නිවේදනය කරන ලදි. එය මෝටර් රථ ධාවන ක්‍රීඩා දින දර්ශනයේ අගෝස්තු – දෙසැම්බර් කාල පරාසය තුළ පැවැත්වෙන ජාතික මට්ටමේ ධාවන ඉසව් හතර අතුරින් ප්‍රමුඛතම ධාවන තරඟ ඉසව්වකි.
වසංගත, ආර්ථික අර්බුද ඇතුළ ජාතික මට්ටමෙන් අභියෝග රැසකට මුහුණදෙමින් අවසන් වූ දීර්ඝ නිහඬ කාල පරාසයකට පසුව පැවැත්වෙන මෙම තරඟාවලිය මෝටර් ධාවන ක්‍රීඩාවේ තීරණාත්මක පුනර්ජීවනයක් ලෙස හඳුනා ගත හැකිය. ශ්‍රී ලංකා ඔටෝස්පෝර්ට්ස් රියදුරු සංගමය (Sri Lanka Autosports Drivers Association – SLADA) විසින් ශ්‍රී ලංකා යුද හමුදාවේ සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහයෝගය ඇතිව සංවිධානය කෙරෙන මෙම තරඟාවලියේදී මෙරට ප්‍රමුඛ පෙළේ මෝටර් රථකරුවන් සහ යතුරුපැදිකරුවන් බොරළු ධාවන පථවල සහ තාර ධාවන පථවල සිය දස්කම් ප්‍රදර්ශනය කිරීමට නියමිතය.
ශූරතාවලිය පැවැත්වෙන දින පහත පරිදි වේ.
Rotherham Katukurunda Circuit – අගෝස්තු 16 හා 17
Gajaba/SLADA Supercross – අගෝස්තු 30 හා 31
Gunner/SLADA Supercross – ඔක්තොබර් 04 හා 05
Rotherham Katukurunda Circuit – නොවැම්බර් 01 හා 02
වසර 10 කට අධික කාලයක් පුරා ඒෂියන් පේන්ට්ස් කෝස්වේ සන්නාම තානාපතිවරයෙක් වශයෙන් කටයුතු කරන, මෙරට සුපිරිතම මෝටර් රථ ධාවකයෙක් වන අශාන් සිල්වා මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කළේ SLADA මෝටර් රථ ධාවන තරඟාවලිය මෙරට මෝටර් රථ ධාවකයින්ට විශාල දිරිගැන්වීමක් බවත් මෙය Gajaba Supercross සහ Gunner Supercross වැනි විශිෂ්ට තරඟාවලි නරඹමින් හැදීවැඩුණු තරඟකරුවන්ගේ සිහින සැබෑවීමක් බවත්ය.
“මෙරට විශිෂ්ටතම මෝටර් රථ තරඟමාලාවක් වන SLADA මෝටර් රථ ධාවන තරඟාවලියට අනුග්‍රාහකත්වය දැක්වීමට අවස්ථාව ලැබීම ගැන අපි සතුටට පත් වෙනවා. ශ්‍රී ලංකාවේ මෝටර් රථ ධාවන තරඟාවලි කියන්නේ හුදු ක්‍රීඩාවක් විතරක් නෙවෙයි. එය නවෝත්පදනය, කුසලතාවය වගේම පොදුජන ආකල්ප එක්ක බැඳුණු ක්‍රියාවලියක්. රථවාහන ආලේපන වෙළෙඳපොලේ ප්‍රමුඛයෙක් විදියට මෝටර් රථ කර්මාන්තය වගේම මෝටර් රථ ධාවන ක්‍රීඩාවත් ප්‍රවර්ධනය කිරීම අපේ වගකීමක් කියලා අපි විශ්වාස කරනවා.” යැයි මෙම අනුග්‍රාහකත්වය පිළිබඳ අදහස් දක්වමින් ඒෂියන් පේන්ට්ස් කෝස්වේ – ශ්‍රී ලංකා ප්‍රධානී, වෛතිලිංගම් කිරිතරන් මහතා ප්‍රකාශ කළේය.
ඒෂියන් පේන්ට්ස් කෝස්වේ සමාගම මෝටර් රථ ක්‍රීඩාවන්ට සම්බන්ධ වීම මෝටර් රථ කර්මාන්තය නගා සිටුවීමේ අපේක්‍ෂාවෙන් ක්‍රියාත්මක කරනු ලබන පුළුල් හා දිගුකාලීන උපායමාර්ගයකි. වලව සුපර්ක්‍රොස් මෝටර් ධාවන තරඟාවලිය, SLADA මෝටර් රථ ධාවන තරඟාවලිය වැනි ධාවන තරඟවලට අනුග්‍රාහකත්වය දැක්වීමට අමතරව වෘත්තිය පුහුණු අධිකාරිය සමඟ ඇති කර ගත් හවුල්කාරිත්වයක් හරහා කර්මාන්තයේ උන්නතිය උදෙසා අනාගත වෘත්තිකයන් බිහි කිරීමට ද ඒෂියන් පේන්ට්ස් කෝස්වේ සමාගම කටයුතු කරයි.
තාර ධාවන පථයේ තරඟ ඉසව් 21කින් සහ බොරළු ධාවන පථයේ තරඟ ඉසව් 23කින් සමන්විත SLADA මෝටර් රථ ධාවන තරඟාවලිය තරඟකරුවන්, ප්‍රේක්‍ෂකයන් ඇතුළු සියලුම පාර්ශ්වයන්ට වේගයෙන්, ජවයෙන්, කුසලතාවයෙන් හා උද්යෝගයෙන් සපිරි සුපිරි සැණකෙළියක් වනු ඇත.