සමගි ජන බලවේගයේ වෙනස්කම් පිළිබඳව සලකා බැලීමට කමිටුවක් පත් කර ඇත.
පෙරේදා (08 වැනිදා) පක්ෂයේ කළමනාකරණ මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති අතර මෙම කමිටු සාමාජිකයන් ලෙස පක්ෂයේ සභාපති ඉමිටියාස් බාකිර් මාකර්, ජාතික සංවිධායක තිස්ස අත්තනායක, පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර හා කබීර් හෂීම් යන අය නම්කර ඇති බව වාර්තා වෙයි. .
සමගි ජන බලවේගයේ සභාපති විසින් ලිඛිතව කරන ලද ඉල්ලීමේ අන්තර්ගතයට පක්ෂව මෙම රැස්වීමට සහභාගි වූ බහුතරය අදහස් ප්‍රකාශ කිරීම මත මෙලෙස කමිටුවක් පත්කිරීමට සජිත් ප්‍රේමදාස කටයුතු තර තිබේ.
මේ අතර සෑම සතියකම බදාදා දිනයේදී පක්ෂයේ කළමනාකරණ කමිටුව රැස්වීමටත් සෑම මසකම තුන්වැනි බ්‍රහස්පතින්දා දිනයේදී කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්වීමටත් මෙම රැස්වීමේදී තීරණය කර ඇත.