සජබ ජාතික ලයිස්තු මන්ත්‍රීධූරයක් ඉමිතියාස්ට නෑ – නම් කළානම් අද කතානයක ඉමිතියාස්

මේ වන විට අර්බුදයට පත්ව ඇති සමගි ජන බලවේගයේ ජාතික ලයිස්තු මන්ත්‍රීධූරය සදහා ඉමිතියස් බාකීර් මාකාර් පත් කිරීමට කටයුතු නොකරනු ඇතැයි එම පක්ෂ අභ්‍යන්තර ආරංචිමාර්ග සදහන් කරයි.

පක්ෂ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ජාතික ලයිස්තු මන්ත්‍රීධූරයට පත් කිරීමට කටයුතු කරන අවස්ථාවේදීම පක්ෂයේ සභාපති ඉම්තියාස් බාකීර් මාකාර් පත් කරනු ඇතැයි අපේක්ෂා කර තිබූ නමුත් එම අවස්ථාවේදී පත් කිරීම කර නොමැත.

සමගි ජන බලවේගය විසින් ඉම්තියාස් ජාතික ලයිස්තු මන්ත්‍රීධූරයට පත් කර තිබුණේ නම් ජාතික ජන බලවේගය පාර්ශවයෙන් කතානායකවරයෙක් සදහා නමක් යෝජනා නොකර සිටීමට සූදානමින් සිට ඇති බවද අනාවරණය වේ. ඒ අනුව ඉම්තියාස් කතානායකධූරයට පත් කිරීමට ඔවුන් සූදානමින් සිට ඇති බවද දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි.

එසේ කතානායකධූරයට ඉම්තිසායස් පත් කරනු ලැබුවේ නම් තුනෙන් දෙකක බහුතරයක් ඇති ආණ්ඩුවක් විසින් විපක්ෂයේ කතානායකවරයෙක් පත් කළ පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාසගතවීමට නියමිතව තිබුණි.

මේ අතර සමගි ජන බලවේගය ජාතික ලයිස්තු මන්ත්‍රීධූරය තමන්ට ලබාදෙන ලෙසට කොළඹ දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට තරග කර පරාජයට පත්වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍රද ඉල්ලීම් ඉදිරිපත් කර ඇත.