උතුරේ කැමැත්ත රනිල්ට ? – විග්නේෂ්වරන් වැට පනී

තමන්ගේ පෞද්ගලික කැමැත්ත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට බව පාර්ලිමේන්තු මන්ත්‍රී . සී.වී. විග්නේෂ්වරන් මහතා පවසනවා.

කෙසේ වෙතත් ඔහු සඳහන් කරන්නේ උතුරු නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම සඳහා මේවනවිට අපේක්ෂකයෙක් සොයමින් සිටින බවයි.

එහෙත් අපේක්ෂකයෙක් සොයාගත නොහැකි වුවහොත් වඩාත්ම සුදුස්සා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඔහු අනික් අයට වඩා හොඳ බවත් සුදු වෑන්වලින් මිනිස්සු රැගෙන නොයන බවත් සී.වී. විග්නේෂ්වරන් මහතා සඳහන් කරනවා.

ලංකාවේ ඡන්දය ගන්නනම් සිංහල බෞද්ධයෙක් බව පෙන්විය යුතු බවත් රනිල් වික්‍රමසිංහ යනු සිංහල බෞද්ධයෙක් නොව ජාත්‍යන්තර මිනිහෙක් බවත් ඔහු සඳහන් කරනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!