අධ්‍යාපන ලේකම් පුටුව මාරු කරයි – තැන තිලකාට

නව අධ්‍යාපන ලේකම් ලෙස තිලකා ජයසුන්දර මහත්මිය පත් කර ඇති අතර අද (02) පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ දී ඇය සිය ධුරයේ වැඩකටයුතු ආරම්භ කළා.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක් වන තිලකා ජයසුන්දර මහත්මිය 2021 වර්ෂයේ දී රාජ්‍ය කාර්ය සාධනය හා කළමනාකරණය වෙනුවෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය විශිෂ්ටතා සම්මානලාභිණියකි.

මීට පෙර ඇය කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කරමින් සිටි‍ අතර යෞවන හා ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ සුළු අපනයන බෝග සංවර්ධන හා අපනයන ප්‍රවර්ධනය පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක් වශයෙන් ද, මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස ද ඒ හා සමගාමී ව එම කාලපරිච්ඡේදය තුළ ස්වාධීන රූපවාහිනී ජාලයේ (ITN) ප්‍රථම කාන්තා සභාපතිනිය ලෙස ද කටයුතු කර තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!