Suzuki WagonR නිෂ්පාදන දෝෂයක් හඳුනාගනී. වෙළඳපොළේ වාහන ආපසු කැඳවයි.

Suzuki Motor Corporation Japan විසින් ජපානයේ නිෂ්පාදිත Suzuki WagonR වාහන මාදිලිවල ඉන්ධන පද්ධතියට අදාළව ආරක්ෂිත නැවත කැඳවීමක් (Safety recall) නිවේදනය කර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකාවේ Suzuki වාහන සඳහා එකම බලයලත් නියෝජිතයා වන Associated Motorways (Private) Limited (AMW) සමාගම Suzuki WagonR හිමිකරුවන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ක්‍රියාකාරී පියවර ගැනීමට කටයුතු කරමින් සිටින බව නිවේදනය කර සිටී.

මෙම ආරක්ෂිත නැවත කැඳවීම වාහනයේ ඉන්ධන පද්ධතිය ආශ්‍රිත දෝෂ නිවැරදි කිරීම සඳහා ගන්නා ලද පියවරකි. විශේෂයෙන් වැරදි ඉන්ධන කියවීම්, ඉන්ධන ප්‍රමාණය සම්බන්ධයෙන් නිසි අනතුරු ඇඟවීම් නොමැතිකම හේතුවෙන් වාහනය අක්‍රීය වීම වැනි කරුණු සම්බන්ධයෙන් මෙම යළි කැඳවීම සිදුකෙරෙනු ඇත.

මෙලෙස බලපෑමට ලක් වූ මාදිලි අතර Suzuki WagonR Premium, Suzuki WagonR FX/FZ, Suzuki Spacia සහ Suzuki Stingray ඇතුළත් වන බව

ශ්‍රී ලංකාවේ Suzuki WagonR වාහන 32,500කට පමණ ආරක්‍ෂිත නැවත කැඳවීම බලපාන අතර, ඉන් වාහන 3,800ක් පමණ මේ වන විටත් ආපසු කැඳවීමට ලක්කර ඇත.

බලපෑමට ලක් වූ වාහනවල හිමිකරුවන්ට පරිගණක හෝ ජංගම දුරකථනවලින් https://suzuki.lk/wagonrrecall/index.html වෙත ගොස් ඔවුන්ගේ චැසි අංකය ඇතුළත් කර ඔවුන්ගේ වාහනය ආපසු කැඳවීමේ කොටසක් දැයි පරීක්ෂා කරන ලෙස
AMW සමාගම ඉල්ලා සිටී. මෙම වෙබ් අඩවිය නැවත කැඳවීමේ ක්‍රියාවලිය පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු සහ හිමිකරුවන් ගත යුතු ආකාරය පිළිබඳ උපදෙස් ලබා දෙනු ඇත.

මේ සම්බන්ධයෙන් AMW සම්බන්ධතා මධ්‍යස්ථානය 0117 609609 ඔස්සේ අමතා වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!