මරුවා සමග සටනට STF 100ක් – යතුරුපැදියේ යන ගමන් වෙඩි

පොලිස් විශේෂ කාර්ය බළකායේ අතිදක්‍ෂ වෙඩික්කරුවන් සියදෙනකුගෙන් සමන්විත විශේෂ යතුරුපැදි ඒකකයක් ආරම්භ කිරීමට පොලිස්පතිවරයා නියෝග කර තිබෙනවා.

මෙම විශේෂ යතුරුපැදි ඒකකය සඳහා අධිවේගී ට්‍රේල් යතුරුපැදි 50ක් යොදවා ඇති අතර අතිදක්‍ෂ වෙඩික්කරුවන් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්‍ෂණ මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

මෙසේ ස්ථාපිත කරන පොලිස් යතුරුපැදි ඒකකයේ කණ්ඩායම් ඇල්පිටිය, අම්බලන්ගොඩ, කරන්දෙනිය, වැලිගම, මාතර, ගාල්ල, මෝදර, කොටහේන, ග්‍රෑන්ඩ්පාස්, රත්මලාන ඇතුළු පාතාල අපරාධ බහුලව සිදුවන ප්‍රදේශවල ස්ථාපිත කිරීමට නියමිත වනවා.

පාතාල කුලී මිනීමරුවන් විසින් මිනිස් ඝාතනයක් සිදු කළහොත් ඔවුන් ලුහුබැඳ ගොස් ඒ අවස්ථාවේම වෙඩි තබා එම අපරාධකාරයන් මෙල්ල කිරීමට මෙම විශේෂ යතුරුපැදි බළකායේ නිලධාරීන් යෙදවීමට නියමිතයි.

යතුරුපැදි ධාවනය වෙද්දී එහි සිට වෙඩි තැබීම අවශ්‍ය පුහුණුව මෙම නිලධාරීන්ට ලබා දෙන බවයි වාර්තා වන්නේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!