ශ්‍රී ලංකාවට තරගාවලි පරාජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැති අවසන් එක්දින තරගය කඩුලු 4කින් ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව තරග 03 කින් සමන්විත එක්දින තරගාවලිය 2-1ක් ලෙස ජයගැනීමට බංග්ලාදේශය සමත් වුණා.

පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට සිය පන්දු ඕවර 50 දී රැස්කළ හැකි වූයේ සියලුදෙනා දැවී ලකුණු 235ක් පමක් වන අතර එහි දී ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ජනිත් ලියනගේ වන අතර ඔහු නොදැවී 101ක් රැස් කරමින්.

තරග ජය ගැනීම සඳහා ලකුණු 236ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ ක්‍රීඩකයෝ පන්දු ඕවර 40.2 ක දී තරගය ජයග්‍රහණය කිරීමට සමත් වුණා.

එහි දී තන්සිඩ් හසන් ලකුණු 84ක් රැස්කළ අතර මුස්ෆිකර් රහීම් නොදැවී ලකුණු 37ක් රැස් කළා.

වේගවත් ඉනිමක් රිෂාඩ් හොසේන් නොදැවී ලකුණු 48ක් රැස් කළේ පන්දු 18කින්.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ළහිරු කුමාර කඩුලු 04ක් දවා ගැනීමට සමත් වුණා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!