දුමින්ද,ලසන්ත සහ මහින්ද ඉවතට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක ධූරයෙන් දුමින්ද දිසානායක , භාණ්ඩාගාරික ධුරයෙන් ලසන්ත අලගියවන්න සහ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙස කටයුතු කළ මහින්ද අමරවීර යන මහත්වරුන්ව එම තනතුරුවලින් ඉවත් කර තිබෙනවා.

ඒ වෙනුවට ජාතික සංවිධායක ධූරයට මහියංගනය ආසන සංවිධායක කේ.පී ගුණවර්ධන,භාණ්ඩාගාරික ධුරයට බස්නාහිර පළාත් සභාවේ හිටපු අමාත්‍ය හෙක්ටර් බෙත්මගේ සහ ජ්‍යෙෂ්ඨ උප සභාපති ධුරයට සරත් ඒකනායක යන මහත්වරු පත්කර ඇති බව වාර්තා වනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!