මෛත්‍රීට පක්ෂය ‘තහනම් කිරීමත් සමග’ මුලස්ථානයට පැමිණ අසුන්ගත් පිරිස

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු අහිමි කරන ලද දුමින්ද දිසානායක ,මහින්ද අමරවිර සහ ලසන්ත අලගියවන්න යන මැති ඇමතිවරු සමග ජගත් පුෂ්පකුමාර රාජ්‍ය අමාත්‍යවරයා මේවන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ඵානයට පැමිණ සිටිනවා.

ඒ, මෛත්‍රිපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් අධිකරණ විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමත් සමගයි.

මෙහිදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග අලුත් ගමනක් යෑමට එක්වන ලෙස සියලුම දෙනාට ආරාධනා කරන බව දුමින්ද දිසානායක මහතා සඳහන් කළා.

“හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මේ විනාශය බලාගෙන ඉන්න බැරුව අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමු වුණා. ඒ අනුව පක්ෂයේ සභාපති ලෙස කටයුතු කළ මෛත්‍රීපාල සිරිසේන මහතාට වාරණ නියෝගයක් පැනවුණා.” යනුවෙන්ද ඔවුන් කියා සිටියා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!