ලකුණු 455ක් ඉදිරියෙන් සිට ශ්‍රී ලංකාව අද පිටියට

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ හතරවන දිනය අදයි.

තුන්වන දිනට තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිම සඳහා කඩුලු 06ක් දැවී ලකුණු 102ක් ලබාගෙන සිටියා.

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 531 ක් රැස් කළ අතර බංග්ලාදේශ පළමු ඉනිම ලකුණු 178ක් රැස් කළා.

ශ්‍රී ලංකාව මේ වනවිට ලකුණු 455ක් ඉදිරියෙන් සිටිනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!