PTA වෙනුවට CTA ගෙන එයි

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (PTA) වෙනුවට ගෙන එන නව ත්‍රස්ත මර්දන පනත (CTA) සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බව අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පරිපාලන) රොහාන් හපුගස්වත්ත මාධ්‍යට පැවසීය.

එහෙත් එම පනත ගැසට් කරන්නේ කවදාද යන්න පිළිබඳව ප්‍රකාශයක් නොකරන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

1978 ආන්දෝලනාත්මක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හරහා සැකකරුවන් අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් පසුගිය දශක තුන පුරා දැඩි ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ දැඩි දෝෂදර්ෂණයට ලක්ව තිබුනි.

පසුගිය වසර කිහිපය තුළ, ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට (UNHRC) සහ යුරෝපා සංගමයට (EU) මෙම පනත සංශෝධනය කරන බවට ප්‍රතිඥාවක් ලබා දී තිබිණ. නව පනත ඉදිරි මාසයක කාලය තුළදී ගෙන ඒමට නියමිත බව වාර්තාවේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *