පොලිසියේ ලොක්කන්ව ‘දිවිනසා ගන්නා තැනට පත් කරන’ සුරූපී කත හසුවේ

ඇහැළියගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා පසුගිය වසරේ ඔක්තෝම්බර් මස 21 වැනි දින නිල නිවාසය තුළදී තම රාජකාරි පිස්තෝලයෙන් වෙඩි තබාගෙන මිය යාමට පෙර අවසන් වරට දුරකථන ඇමතුමක් ලැබී ඇත්තේ ආන්දෝලනාත්මක කාන්තාවකගේ දුරකථනයෙන් බවට විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

ඇය එම මරණ පරීක්ෂණයේදී ව්‍යාජ නමකින් සාක්ෂි ලබා දී ඇති බවටද අනාවරණය වී ඇති අතර ඒ පිළිබඳව ද පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වනවා.

රුපියල් කෝටි ගණනින් කප්පම් ඉල්ලන බවට තම ජංගම දුරකථනයට ව්‍යාජ පණිවිඩයක් ගෙන්වා ගෙන ඒ සම්බන්ධයෙන් ඉහළ පොලිස් නිලධාරීන්ට පැමිණිලි කොට ඉහළ නිලධාරීන් සමග සුහදතාවයක් ගොඩනගාගෙන එම නිලධාරීන් අපහසුතාවයට පත් කරන ඇය සුරූපි කාන්තාවක ද වනවා.

මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ විද්‍යුත් තැපෑලට එම කාන්තාවගෙන්ම කප්පම් ගැනීමක් පිළිබඳව ලැබුණු වෙනත් පැමිණිල්ලක් සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි කොට්ඨාශය යොදවා සිදුකළ විමර්ශනයකදී එය ව්‍යාජ පැමිණිල්ලක් බවට තහවුරු වීමෙන් පසු සිදුකළ පොලිස් විමර්ශන වලින් අනතුරුව එම කාන්තාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ එම කාන්තාව ජංගම දුරකථන දෙකක් භාවිතා කොට එක් දුරකථනයක කප්පම් ඉල්ලා මරණ තර්ජනය කොට ලිපියක් සකසා එය ඇයගේම අනෙක් ජංගම දුරකථනයට යවා ඇති බවයි .

එම කාන්තාව පේරාදෙණිය හිඳගල ප්‍රදේශයේ ලිපිනයක පදිංචි බවට පැමිණිල්ලේ සඳහන් කොට තිබුනත් එවැනි ලිපිනයක් නොමැති බවට තහවුරු කර ගැනීමෙන් පසු කැකිරාව තලාව ප්‍රදේශයේ දී එම කාන්තාව අත්අඩංගුවට ගැනීමට විමර්ශන නිලධාරීන්ට හැකිව තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!