එක දවසට 996ක් දැලේ

ගතවු පැය 24 තුළ දිවයින පුරා මෙහෙයුම්වලින් සැකකරන 996ක් අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළා.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 935 ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 61 ක් මෙහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 935 දෙනා අතර, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 50 ක්, පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කරන ලද සැකකරුවන් 23 ක්, රැඳවුම් නියෝග මත රඳවා ගෙන විමර්ශනය සිදුකරන පුද්ගලයින් 67 ක් සහ වත්කම් විමර්ශනය ආරම්භ කළ සැකකරුවන් 09 ක් සිටින බවයි අමාත්‍යංශය නිකුත් කළ වර්තාවක සඳහන් වන්නේ.

එසේම, අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 61 දෙනා අතර මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 02 ක්, මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 58 ක් සහ අපරාධ වලට අවශ්‍ය කරන සැකකරුවන් 01ක් ද සිටිනවා..

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!