P.H.I මහත්තයෙකුට වෙඩි තබා මරාදමයි

ඇල්පිටිය පතිරාජ මාවතේ පදිංචිව සිටි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු අද(26) වෙඩි තබා ඝාතනය කර ඇති බව පොලිස් ආරංචිමාර්ග පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ, කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂණ කාර්යාලයට අනුයුක්තව සේවය කළ 51 හැවිරිදි රොෂාන් කුමාර නැමැති මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකි .

අද උදෑසන යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර සැකකරුවන් ප්‍රදේශයෙන් පළා ගොස් ඇත. ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා ඇල්පිටිය පොලිසිය පර්යේෂණ ආරම්භ කර ඇත.

මෙම වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

දැහැමි මධුෂිකා

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!