විපක්ෂ නායකගේ ගෙදර ‘වසර අටක්ම ඉන්නේ’ පිටස්තරයෙක්

විපක්ෂ නායකවරයාට හිමි නිල නිවෙසේ වසර 8ක පමණ කාලයක සිට රැඳී සිටින්නේ ආර් සම්බන්ධන් මහතා බව වාර්තා වනවා.

පසුගිය යහපාලන රජයේ ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් 2019 පෙබරවාරි 26 වැනිදා ඉදිරිපත් කරනු ලැබූ කැබිනට් පත්‍රිකාවකට අනුව මෙම නිවෙස සම්බන්ධන් මහතාට ලබාදී තිබෙනවා.

2015 අගෝස්තු පැවැති මහ මැතිවරණයෙන් පසු ආර් සම්බන්ධන් මහතා විපක්ෂ නායක ධූරයට පත්වීමත් සමග ඔහුට මෙම නිල නිවෙස ලබා දී ඇති අතර ඔහු දෙමළ ජාතික සන්ධානයේ නායකත්වයෙන් ද ඉවත්ව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් පමණක් මේවන විට කටයුතු කරමින් සිටිනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!