අද මහ සිකුරාදා

මහ සිකුරාදා දිනය ලොව පුරා කිතුනු බැතිමතුන් අද (29) සමරනු ලබනවා.

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසිය මත දිවි පිදීමේ යාගයයි එහිදී සිහිපත් කෙරෙන්නේ.

කිතුනු බැතිමතුන් අද දිනයේදී සුවිශේෂී දේව මෙහෙයන්ට එක්වීමට නියමිතය.

කිතුනු දේවස්ථානයන්හි දේව මෙහෙයන් ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති අතර ත්‍රිවිඩ හමුදා නිලධාරීන් ඒ සඳහා යොදවා තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!