දේවස්ථානයක දොරටුව ළඟ හිටපු කොටියෙක් – පිහි දෙකක්

මීගමුව කඩොල් කැලේ උත්තාන වූ සමිඳුන්ගේ දේවස්ථානයේ පාස්කු දේව මෙහෙය පැවැත්වෙන අතරවාරයේ පිවිසුම් දොරටුව ආසන්නයේදී එල්ටීටීඊ සංවිධානයේ හිටපු සාමාජිකයකු පිහි දෙකක් සමග සැකපිට අත්අඩංගුවට ගත් බව වාර්තා වනවා.

මඩකළපුව කොක්කඩිචෝලේ ප්‍රදේශයේ පදිංචි හතළිස් තුන් හැවිරිදි කන්දසාමි වේදනායගම් නමැත්තකු මෙලෙස සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එක් පිහියක් සැකකරුගේ කලිසම් සාක්කුවේද අනෙක් පිහිය ඔහු සතු ගමන් බෑගයේ ද සඟවා තිබියදී සොයාගත් බවයි වාර්තා වන්නේ.

ඇතිවූ සැකයක් මත මොහු ගැන රාජකාරියේ නිරතව සිටි පොලිස් බුද්ධි අංශ නිලධාරියකුට දැනුම් දීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!