අමෙරිකාව මොස්කව් ප්‍රහාරය ගැන අනතුරු අඟවා නෑ

මොස්කව් ප්‍රහාරය පිළිබඳව අමෙරිකානු ඔත්තු සේවා රුසියාව වෙත අනතුරු ඇඟවූ බවට පළවන වාර්තා අමෙරිකාවේ සිටින රුසියානු තානාපතිවරයා ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

සංගීත ප්‍රසංගයක් ඉලක්ක කර එල්ල වූ මෙම ප්‍රහාරයෙන් 133 දෙනෙකුට දිවි අහිමිවූ අතර එම ගණන තවත් ඉහළ යාමට හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

150කට වැඩි පිරිසක් මෙයින් තුවාල ලබා තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!