Meta සමාගමේන් 10,000ක් ඉවතට

ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් හි හිමිකාරීත්වය දරන මෙටා සමාගම එහි සේවකයින් 10,000ක් පමණ පිරිසක් සේවයෙන් ඉවත් කිරීමට එම සමාගම තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ එම සමාගම මාස 4ක් තුළ සේවකහින් ඉවත් කරන දෙවැනි අවස්ථාවයි.

2022 නොවැම්බර් මාසයේදී ද මෙටා සමාගම එහි අනු සමාගම් වල සේවකයින් 11,000ක් පමණ ඉවත් කිරීමට කටයුතු කළේය.

මෙටා සමාගමේ ප්‍රධාන විධායක මාර්ක් සකර්බර්ග් පැවසුවේ මෙම අසීරු තීරණය ගනු ලැබුවේ කාර්යක්ෂමතාවය ඉහළ දැමීම සඳහා බවය.

10,000ක් රැකියාවලින් ඉවත් කිරීමට අමතරව දැනට පවතින පුරප්පාඩු 5,000ක් පමණ එසේම තැබීමටද ඔහු තීරණය කර තිබේ.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *