ලංකාවේ මැක්ඩොනල්ඩ්ස් 12ක් වසා දමයි – ‘පිරිසිදු නෑ කියා’ මව් සමාගම කළ දේ මෙන්න

ඇමරිකාවේ මැක්ඩොනල්ඩ්ස් මව් සමාගම මෙරට අධිකරණයට කළ පැමිණිල්ලකට අනුව මැක්ඩොනල්ඩ්ස් සමාගමේ වෙළඳ නාමය යටතේ මෙරට ක්‍රියාත්මක වුණු අවන්හල් ජාලයේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල අවන්හල් 12ක් අප්‍රේල් මස 4 දා දක්වා තහනම් කිරීමට කොළඹ වානිජ මහාධිකරණය නියෝග කර තිබෙනවා.

මෙරට නියෝජිතයා පවත්වාගෙන යන අවහන්හල් ගිවිසුම් ප්‍රකාරව පිරිසිදුව සහ සෞඛ්‍ය ආරක්ෂිතව පවත්වාගෙන නොයන බවට අනාවරණය වී ඇති නිසා එකී ගිවිසුම අවලංගු කර ඇති බව ඇමරිකාවේ මැක්ඩොනල්ඩ්ස් මව් සමාගම පැමිණිලි කර තිබුණා.

අඩුපාඩුකම් අවම කර ප්‍රමිතිය අනුව පවත්වාගෙන යන ලෙස කළ ඉල්ලීම් දිගින් දිගටම නොසලකා හැර ක්‍රියා කළ නිසා පසුගිය 21 වැනි දා සිට ගිවිසුම අවසන් කළ බවයි මව් සමාගමේ නීතිවේදියා අධිකරණයේ දී සඳහන් කර ඇත්තේ

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!