මෛත්‍රීපාල ඉක්මනින්ම පොලිසියට

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදුකළ ප්‍රකාශය පිළිබඳ වහාම විමර්ශනයක් ආරම්භ කිරීමට පොලිසිය කටයුතු කරනු ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශ ආරංචි මාර්ග පවසනවා.

ඒ,අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් පොලිස්පතිවරයාට කළ නියෝගය අනුවයි.,

අධිකරණයකින් නියෝග කරන්නේ නම් හෝ විමසන්නේ නම් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ හා වගකිවයුතු සියලු දෙනා පිළිබඳ තොරතුරු හෙළි කිරීමට සූදානම් බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා අස්ගිරි මහා විහාර ඓතිහාසික ගෙඩිගේ රජමහා විහාර නව ධර්ම මන්දිරය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් පෙරේදා කියා සිටියා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!