මෛත්‍රී පාස්කු දින ප්‍රහාරය ගැන ‘ රහස් පොලිසියට කී’ රහස මෙන්න – මතු ආරක්ෂාවත් ඉල්ලයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එහි නිලධාරීන්ට ලබාදී ඇති බව නිල නොලත් ආරංචි මාර්ග පවසනවා.

ඔහු සඳහන් කර ඇත්තේ ඉන්දීය සම්බන්ධයක් මෙම ප්‍රහාරය පසුපස ඇති බවටයි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ඔහුට අද පෙරවරුවේ පැමිණෙන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේවන විට තමන්ට විශේෂ ආරක්ෂාවක් අවශ්‍ය බවද දැනුම් දී තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!