කමිඳුව දවා ගන්න බැරුව ‘බංග්ලාදේශය කළ’ කැත වැඩේ

ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා නවක පිතිකරු කමිඳු මෙන්ඩිස්ව මන්කාඩ් ක්‍රමයට දවාගැනීමට ගත් උත්සාහයක් ව්‍යර්ථ වී ගිය බව වාර්තා වනවා.

එම ඉනිමේදී කමිඳු මෙන්ඩිස් ලකුණු 164ක් ලබා ගත්තා. ඒ,හයේ පහර හයක් ද සමගයි.

තරගයේ දෙවන ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියල්ලන් දැවී ලකුණු 418ක් ලබාගත් අතර තරගය ජය ගැනීමට බංග්ලාදේශ ය ලකුණු 511ක් ලබාගත යුතු වනවා.

මෙලෙස ජාත්‍යන්තර ටෙස්ට් තරගයකදී අංක 07 හෝ ඉන් පසු පන්දුවට පහරදීමට පැමිණ, ඉනිම් දෙකේදීම ශතක ලබාගත් පළමු ක්‍රීඩකයා වන්නේ කමිඳුයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!