කමිඳු, ධනංජයට දෙවැනි නොවෙයි – ඉනිම දෙකේ ම ශතක රැස් කරයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු තරගයේ දෙවැනි ඉනිමේ පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මැදපෙළ පිතිකරු කමින්දු මෙන්ඩිස් ද ශතකයක් වාර්තා කළා.

ඒ අනුව නායක ධනංජය ද සිල්වා මෙන් ම කමිඳු මෙන්ඩිස් ද ඉනිම දෙකේ දී ම ශතක වාර්තා කරන්නට සමත් වුණා.

එම ශතකයත් සමග කමිඳු වාර්තා කළේ, සිය ටෙස්ට් දිවියේ දෙවැනි ශතකයයි.

වසර දහයක් පුරාවට නැවතී තිබූ, ශ්‍රී ලංකා පිතිකරුවෙකු ඉනිම දෙකේ ම ශතක වාර්තා කිරීමේ දස්කම යළි ක්‍රියාත්මක කිරීමට මීට ටික වේලාවකට පෙර ධනංජය සිල්වාට හැකි වූ අතර, කමිදු ද අද එම දස්කම දැක් වූයේ දෙවැනි ඉනිමේ දී ද තම කණ්ඩායම වෙත වටිනා ශතකයක් එක් කරමින්.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!