John Keels Properties “විමන්” මහල් නිවාස ව්‍යාපෘතිය හඳුන්වාදෙයි

John Keels Properties සමාගම විසින් ඉදිකිරීමට නියමිත සිය නවීනතම නිවාස ව්‍යාපෘතිය වන “විමන්” නිවාස සංවර්ධන ව්‍යාපෘතියේ ආදර්ශ මහල් නිවාස සැලසුම් ආකෘතිය කොළඹ 02, වොක්ෂෝල් වීදියේ, අංක 186 හි පිහිටි ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී අද (24) මාධ්‍ය වෙත ප්‍රදර්ශනය කරන ලදී.

“නව ලොවක් නිර්මාණය කිරීම” යන දැක්ම මත පදනම් වෙමින්, ජීවිතයේ අත්දැකීම් නැවත වරක් අරුත් ගැන්වෙන අවකාශයන් නිර්මාණය කිරීම John Keels Properties හි අරමුණ වේ. ඒ අනුව ජා ඇළ නගර මධ්‍යයේ ජීවන රටාවට සුවිශේෂී වෙනසක් එක් කරමින් ඉදිකිරීමට නියමිත “විමන්” නිවාස සංවර්ධන ව්‍යාපෘතියේ සූදානම පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් හඳුන්වාදීමක් එහිදී ඉදිරිපත් කරන ලදී.

එහිදී මේ පිළිබඳ අදහස් දක්වමින් John Keels Holdings PLC හි දේපළ සංවර්ධන අංශයේ උපසභාපති, විකුණුම් හා අලෙවි ප්‍රධානී නදීම් ශම්ස් මෙසේ පැවසීය. “සාමාන්‍ය නිවසකට වඩා එහා ගිය “විමන්” නිවාස ව්‍යාපෘතියේ ආදර්ශ මහල් නිවාස ආකෘතිය ප්‍රදර්ශනය කිරීමට හැකිවීම පිළිබඳව අපි සතුටු වෙනවා. සමබරතාවය, ස්වභාවධර්මය සහ නවීන පහසුව යන මූලධර්මවලින් ආභාෂය ලද “විමන්” නිවාස ව්‍යාපෘතිය පරිසරය පිළිබඳ අවබෝධය, විවිධ ස්ථාන වෙත ප්‍රවේශ වීමේ හැකියාව සහ ප්‍රජාවේ වර්ධනය යන කරුණු පාදක කර ගනිමින් වඩාත් සැලකිලිමත්ව සැලසුම් කරන ලද නිවාස එකතුවක්. “විමන්” නිවාස ව්‍යාපෘතියෙන් නිවසක් හිමිකර ගැනීමට උනන්දුවක් දක්වන අනාගත ගැනුම්කරුවන්ට දැන් කොළඹ පිහිටි ආදර්ශ මහල් නිවාස ආකෘතිය වෙත පැමිණ අපගේ වෘත්තීය උපදේශක කණ්ඩායම හරහා සියලු පාරිභෝගික විමසීම්වලට පිළිතුරු ලබා ගැනීමේ හැකියාව තිබෙනවා”

ජා ඇළ නගර මධ්‍යයේ අක්කර 6ක් තුල මහල් නිවාස 418 ක නවීන පහසුකම්වල එකතුවකින් මෙය නිර්මාණය වේ. මෙය සැලසුම් කර ඇත්තේ කොළඹ නගරයට පහසුවෙන් ප්‍රවේශ විය හැකි සුරක්ෂිත වූ ජීවත්වීමට සුදුසු හිතකාමී වටපිටාවක් හා සරළ නාගරිකත්වය රඳවා ගනිමිනි. සුපිරි වෙළඳසැල්, බැංකු, අවන්හල් සහ රෝහල් ඇතුළු විවිධ පහසුකම් රැසකට පහසුවෙන් ප්‍රවේශ වීමේ හැකියාව මෙයින් සලසා දේ. කොළඹ වරාය සහ ජා ඇළ අතර අධිවේගී මාර්ගයට පිවිසීමට ඇති පහසුව මෙහි සුවිශේෂී ප්‍රතිලාභයකි.

හරිත උයනක් මධ්‍යගතව පිහිටි “විමන්” තුළ පිහිනුම් තටාකයක්, ව්‍යායාම ශාලාවක්, භාවනා ස්ථාන, සමාජ ශාලාවක්, ළමා ක්‍රීඩාපිටියක්, බයිසිකල් පැදීම සහ ඇවිදීම සඳහා ඉඩ පහසුකම්, බහු කාර්යය එළිමහන් ක්‍රීඩාංගණයක් සහ විදුලි වාහන ආරෝපණය කිරීමේ හැකියාව ඇතුළු පහසුකම් රැසකින් සමන්විත වේ.

විශේෂයෙන්ම “විමන්” ව්‍යාපෘතියෙහි බලශක්ති කාර්යක්ෂමතාවය සහිතව ක්‍රියාත්මක වන සූර්යබල ශක්තියෙන් බලගැන්වූ නිවාස, හරිත අවකාශයන් සමඟින් ප්‍රශස්ත ප්‍රජාවක් බිහි කිරීමේ අරමුණු ඇතිව නවීන සුවපහසු හා තිරසර ජීවන රටාවක් නිර්මාණය කරයි. John Keels Properties සමාගම විසින් නිම කරනු ලැබූ හා ඉදිකරමින් පවතින සංවර්ධන කාර්යන් අතරට The Emperor, The Monarch, 7th Sense, OneThree20, TRI-ZEN සහ Cinnamon Life Integrated Resort ඇතුළු සුවිශේෂී කැපී පෙනෙන නිර්මාණ ඇතුළත් වේ.

අනාගත ගැනුම්කරුවන්ට කොළඹ පිහිටි විමන් මහල් නිවාස ආකෘතිය නැරඹීමට හැකි අතර එහි වැඩිදුර විමසීම් සිදු කිරීමටද එමගින් අවස්ථාව සැලසේ.

දැහැමි මදුශිකා, කවීෂා විදානගමගේ

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!