හරක් කටාගේ මසිසිනාගේ දේපොළ ගැනත් විමර්ශන

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක නඳුන් චින්තක හෙවත් හරක් කටාගේ මස්සිනා වන ගයාන් ධනුෂ්ක නම් පුද්ගලයාට අයත්, රුපියල් කෝටි එකහමාරක පමණ වටිනාකමකින් යුත් ඉඩමක් නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකය මගින් තහනම් කර තිබෙනවා.

ඒ එම පුද්ගලයාගේ දේපළ සම්බන්ධයෙන් නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකය මගින් විමර්ශන සිදුකරන විමර්ශනවලට අදාළවයි.

එහි දී අනාවරණ වී ඇත්තේ, නුගේගොඩ පිහිටි රුපියල් කෝටි එකහමාරක පමණ ඉඩමක් ඔහු සතුව ඇති බවයි.

ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගෙන සිදුකළ විමර්ශනයෙන් අනතුරුව අදාළ ඉඩම තහනම් කර තිබෙනවා.

ඒ අතරතුර දී ඔහුට ඇප ලැබීම හේතුවෙන් සැකකරු ජපානයට පළාගොස් තිබෙන අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව වාර්තා වනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!