I.M.F නියෝජිතයින් පිරිසක් ලබන සතියේ ශ්‍රී ලංකාවට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් ලබන සතියේ මෙරට සංචාරය කිරීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි .

එම නියෝජිතයින් ජනාධිපතිවරයා, මුදල් අමාත්‍යාංශ සහ මහ බැංකු නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව ඔහු පැවසීය.

එහිදී මෙම නියෝජිත කණ්ඩායම විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධ වැඩසටහනේ ප්‍රතිසංස්කරණ ඔස්සේ ශ්‍රී ලංකාව මෙතෙක් ලබා ඇති ප්‍රගතිය පිළිබඳව ඇගයීමට ලක් කිරීමට නියමිත බවද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය .

ඒ අනුව, මෙය 2024 වසරේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන්ගේ ශ්‍රී ලංකාව තුළ පළමු සංචාරය බවට පත් වනු ඇති.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!