උක් ගොවීන්ට බෝනස් – වැඩිම ප්‍රමාණයක් අඹරා ඉතිහාසය වෙනස් කරයි

හිඟුරාන සීනි කර්මාන්ත ශාලාව මෙවර කෙටි ඇඹරුම් වාරයේදී හිගුරාන සීනි ඉතිහාසය වෙනස් කරමින් උක් ටොන් 1,11,272 ක් අඹරා ඇති අතර එම සමාගමේ වසර හැටකට වැඩි ඉතිහාසයේදී කෙටි ඇඹරුම් වාරයක දී උක් ගස් වැඩි ම ප්‍රමාණයක් ඇඹරූ ප්‍රථම අවස්ථාව මෙයවනවා.

මීට පෙර හිගුරාන සීනි කර්මාන්තශාලාවේ කෙටි ඇඹරුම් වාරයක දී අඹරා ඇත්තේ උක් ටොන් 95,000 ක් පමණයි.

ඉතිහාසයේ පළමු වරට උක් ගොවීන්ට බෝනස් ලබාදීමට ද මෙවර කටයුතු කර ඇති අතර කෙටි ඇඹරුම් වාරයේ දී සිනි මෙට්‍රික් ටොන් 6958 ක් නිෂ්පාදනය කළ බවයි නියෝජ්‍ය සාමාන්‍යධිකාරි සමන්ත කුමාර මහතා මාධ්‍ය වෙත සඳහන් කළේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!