19 සිට යළිත් සෞඛ්‍ය වෘත්තීය ක්‍රියාමර්ග

ලබන 19 වනදා සිට වෘත්තීය ක්‍රියාමර්ග නැවත ආරම්භ කරන බව සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධාන කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා සඳහන් කළා.

මාධ්‍ය වෙත ඔහු සඳහන් කළේ සිය ගැටලුවලට බලාපොරොත්තු වුණු ප්‍රතිචාරය නොලැබුණු අතර ගැටලු විසඳීම සඳහා මුදල් අමාත්‍යාංශය මැදිහත් නොවන්නේ නම් මෙම තීරණය ගන්නා බවයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!