ඉන්ධන මිල වෙනස් වෙයි

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර ඇත.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 05කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 371 කි.

ලංකා සුදු ඩීසල් ලීටරය රුපියල් 05කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 363 කි.

ලංකා භූමිතෙල් ලීටරය රුපියල් 26කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 262 ක් වෙයි.

ඊට අමතරව ඔක්ටෙන් 95 පෙට්‍රල් ලීටරය රුපියල් 08 කින්ද, සුපිරි ඩීසල් ලීටරයක රුපියල් 07කින්ද පහළ දමා ඇත.

අයි.ඕ.සි සමාගමද මීට සමගාමීව සිය බෙදුම්හල්වල ඉන්ධන මිල ගණන් සංශෝධනය කර ඇත.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!