මම අවුරුදු සමරනවා හිරගෙදර ඉඳන් – අතුරුදන්ව සිටි දමිතා කියපු කතාව

විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ලව අතුරුදන්ව සිටි බව කියන දමිතා අබේරත්න මේ වන විට අධිකරණය භාරවී තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (3) රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාට විදෙස් ගමන් තහනමක්ද පනවනු ලැබුවා.

අධිකරණයට යාමට පෙර දමිත අබේරත්න මාධ්‍ය වෙත මෙලෙස අදහස් දැක්වූවා .

තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවහිතුව නම් මන් හැන්ඟුනා කියලා කිසිසේත්ම නෑ ,මේ රටේ එහෙම හැන්ගෙන්න පුලුවන් චරිතයක් නෙවෙයි දමිත අබේරත්න කියන්නේ.දමිත අබේරත්න කියන්නේ හැටනවලක්ෂයක් ඡන්දේ ගත්ත කාලකන්ණි අන්දුක්රමයට විරුද්ධව අරගල කරපු ගැහැනියක්.අතනදී බය වුණෙත් නෑ ,මරනවා කියනකොට බය වුනෙත් නෑ .මම සහ මගේ සැමියා නීත්‍යනුකූලව පිටරට ගියේ.මගේ හත්වෙනි පාස්පෝට් එක සහ මගේ සැමියාගේ හයවැනි පාස්පෝට් එක.කාටවත් රස්සාවල් දෙන්න අපි ඒජන්සි එකක් නෙවෙයිනේ. අපි අපේ බිස්නස්වලට පුද්ගලික වැඩවලට පිටරට ගියේ,මම හිරගෙදර යන්න බය නෑ ,හිරගෙදර තියෙන්නේ මිනිස්සුන්ට.සුභ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම,මමත් අවුරුදු සමරනවා හිරගෙදර ඉඳන් ” යනුවෙනි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!