”Ceylonese Crabs” ශ්‍රී ලාංකේය ”රස” සිංගප්පූරුවට ගෙනයයි

ලෝකයේ කුමන රටක සිටියත් ශ්‍රි ලාංකයෝ දේශීය කුළුබඩු රසින් රසවත්වූ දේශීය ආහාර සඳහා දැඩි කැමත්තක් දක්වති . එහෙයි බොහෝ විදෙස් රටවල ලාංකේය අවන්හල් බිහිවීම සුලබ අත් දැකීමක් බවට පත්වෙමින් පවති.

එහෙත් චීන සහ ඉන්දියානු ආහාර රටාවකට වැඩි නැඹුරුවක් සහිත සිංගප්පූරුවේ සිටිනා ශ්‍රී ලාංකිකයන් හට සැබෑ ශ්‍රී ලාංකේය ආහාර විඳගැනිම පහසු නොවීය. ඒ අඩුව පුරවාලමින් පූර්ණ ලාංකේය කෑම වට්රෝරුවලින් සමන්විත ලාංකේය අවන්හලක් ”Ceylonese Crabs” නමින් පසුගිය 2 වනදා සිංගප්පූරුවේදී විවෘත විය.

සිංගප්පූරුවේ සිටිනා ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙක් වන නුවන් බණ්ඩාර සිය ව්‍යාපාර ජාලය පුළුල් කරමින් ඉදිකළ මෙම නව අවන්හල සිංගප්පූරුවේ East cost Park හී පිහිටි Seafood Center හී Blk 1202 පිහිටා ඇත.

”Ceylonese Crabs” සමාරම්භක අවස්තාව සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස එරට ශ්‍රීලංකා මහකොමසාරිස් සෙනරත් දිසානායක සහභාගී විය. මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ සිදුවූ ”Ceylonese Crabs” සමාරම්භයට ලාංකිකයන් ඇතුළු විශාල පිරිසක් එක් විය.

මුළුමනින්ම ලාංකේය සැරසිළි සහ ගෘහ අලංකාර රටවන්ගෙ හැඩගැන්වී ඇති ”Ceylonese Crabs” හීදී ලාංකේය ආහාර පමණක් නොව දේශීය ගෘහ නිර්මාණ ශිල්පය, අත්කම් සහ ගෘහ අලංකරණ රටාවන් ගැනද අවබෝධයක් ලබාගැනිමට පුළුවන.

ශ්‍රී ලාංකිකයන් තරමටම විදේශිකයන් අතරද ”Ceylonese Crabs” ආහාර සඳහා ඉහළ ජනප්‍රිය බවක් හිමිබවත් ඇතිබවත්, භූමීය මායිම් බිඳ දමමින් ලාංකේය ආහාර කලාව ලෝකයට ගෙන යාමට ”Ceylonese Crabs”සමත්ව ඇති බවත් වාර්තා වේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!