චිත්‍ර ප්‍රදර්ශන නැරඹීමට එක්වූ ජනපති

ප්‍රවීණ චිත්‍ර ශිල්පීන් දෙපළක් වන ඉරෝමි විජේවර්ධන සහ වින්ස්ටන් සුලුදාගොඩ යන මහත්ම මහත්මීන්‌ විසින් ලයනල් වෙන්ඩට් කලාගාරයේ සංවිධානය කර තිබූ චිත්‍ර ප්‍රදර්ශන නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (14) පස්වරුවේ එක්වුණා.

ඉරෝමි විජේවර්ධන මහත්මියගේ කලා දිවියට වසර 50ක් සපිරීම නිමිත්තෙන් ‘Celebration of women’ යන තේමාව ඔස්සේ චිත්‍ර ප්‍රදර්ශනය සංවිධානය කර තිබු අතර දෙස් විදෙස් චිත්‍ර ප්‍රදර්ශන පවත්වනු ලබන වින්ස්ටන් සුලුදාගොඩ මහතා තම 34 වන චිත්‍ර ප්‍රදර්ශනය ලෙස ‘භාවනාවක ශාන්තිය’ තේමාව යටතේ සිය චිත්‍ර ප්‍රදර්ශනය සංවිධානය කර තිබුණා.

එදිනෙදා ජීවන සබඳතා, ගෝලීය අර්බුද, ආගමික ජීවන රටා ඇතුළු විචිත්‍රවත් සිතුවම් රැසක් මෙම චිත්‍ර ප්‍රදර්ශනවලට එක් කර තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!