තවත් පාතාලයන් පිරිසක් පොලිස් දැලේ

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම සඳහා ආරම්භ කර ඇති විශේෂ මෙහෙයුමේ දී තවත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 12 දෙනෙකු ඊයේ (25) දිනයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව, එම මෙහෙයුම ආරම්භ කරන ලද ඉකුත් 19 වැනි දා සිට ඊයේ (25) දිනය දක්වා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමජිකයින් 63 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.

එම සැකකරුවන් රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන වැඩිදුර විමර්ශන සිදු කරනවා.

විශේෂ මෙහෙයුමේ නිරත නිලධාරීන් විසින් ඉහත සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් 12 දෙනා අත්අඩංගුවට ගැනීමට අමතරව ඊයේ සිදුකරන ලද වැටලීම්වලදී තවත් සැකකරුවන් 06 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉකුත් 19 වැනි දා සිට බස්නාහිර පළාත හා දකුණු පළාත මූලික කර ගෙන ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම සඳහා දිවයින ම ආවරණය වන පරිදි විශේෂ පොලිස් කණ්ඩායම් 20ක් යොදවා මෙහෙයුම් ආරම්භ කරනු ලැබුවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!