අ.ඩො. මිලියන 4කට අලෙවිවුණු ගවයා

පශු සම්පත් වෙන්දේසි ක්‍ෂේත්‍රයේ Viatina-19 FIV Mara Imoveis නමින් හැඳින්වෙන නෙල්ලෝර් ගවයෙකු ඇමෙරිකානු ඩොලර් මිලියන 5කට ආසන්න මුදලකට අලෙවිකර ඇති පුවතක් අපිට වාර්තා වුණා .

මේ සිදුවීම සාමාන්‍ය ජනතාවගේ දැඩි අවධානයට ලක්වුණා වගේම මෙම ගවයා මෙතෙක් අලෙවි වුණු මිල අධිකම ගවයා විදිහට අලුත් වාර්තා අතරට එකතුවෙලා තියෙනවා.

ඒවගේම ගවයාට බ්‍රසීලයේ වෙන්දේසියකදී ඩොලර් මිලියන 4.8ක ඒ කියන්නේ රුපියල් කෝටි 40ක් වැනි ඇදහිය නොහැකි මිලක් හිමිවෙල තියෙනවා

මේ අලෙවියෙන් පශු සම්පත් වෙන්දේසි ඉතිහාසයේ සන්ධිස්ථානයක් සනිටුහන් කරනවා වගේම පශු සම්පත් කර්මාන්තයේ උසස් ජානමය ගුණාංග මත තබා ඇති වටිනාකමත් මානව පැහැදිලි වෙනවා .

නෙල්ලෝර් නමින් හැඳින්වෙන මේ ගවයාට දීප්තිමත් සුදු ලොම් සහිත සමක් හා උරහිස් මත ලාක්ෂණික බල්බ හම්ප් පිහිටා තිබෙනවා අපිට දැකගන්න පුලුවන් .

බ්‍රසීලයේ සාඕ පවුලෝ හි අරන්ඩු නගරයේ තමයි මේ වෙන්දේසිය පැවැත්වුණේ

නෙල්ලෝර් ගවයින් දැනටමත් බ්‍රසීලයේ ගවයින්ගේ මුළු ජනගහනයෙන් සියයට 80 ක් නියෝජනය කරනව කියලත් විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!