අනුර සහ ජපාන තානාපති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකෝෂි හිඩෙකි මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද (19) පෙරවරුවේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී සිදු ව තිබෙනවා.

මෙම හමුව සඳහා ජපාන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානි කට්සුකි කොටරෝ මහතා සහ දෙවැනි ලේකම් ඉමායි කඔරි මහත්මියද ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත් සහෝදරයා ද එක්ව තිබෙනවා.

එම හමුවේ දී ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සහ දේශපාලන තත්වය දීර්ඝ ලෙස සාකච්ඡාවට බඳුන් වී ඇති අතර එළඹෙන ජනාධිපතිවරණය පිළිබඳව ද එහි දී අදහස් හුවමාරු වී තිබෙනවා.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීම් පිළිබඳව ජාතික ජන බලවේගයේ ස්ථාවරය ජපාන රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයින්ට මෙහි දී පැහැදිලි කර දෙනු ලැබ ඇති අතර ඉදිරියට ද ශ්‍රී ලංකාවේ ආයෝජන සිදු කිරීමට ජපානයේ ඇති සූදානම ජපාන නියෝජිත පිරිස විසින් අවධාරණය කර තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!