මෛත්‍රීව අත්අඩංගුවට ගන්නැයි පැමිණිල්ලක්

පාස්කු ප්‍රහාරය සිදු කළේ කවුරුන් ද යන්න තමා දන්නා බවට පසුගිය දා, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගන්න ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ගොනු කිරීමෙන් අනතුරුව මන්ත්‍රීවරයා සඳහන් කළේ, අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් කළ යුතු බවයි.

එය රහසිගතව තබා ගත යුතු කාරණයක් නොවන බවත් රටේ ජනතාව දැනගත යුතු කරුණක් බවත් කාවින්ද ජයවර්ධන මහතා එහි දී අවධාරණය කරනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!