76 වන නිදහස් උළෙල අදයි

ශ්‍රී ලංකාවේ 76 වැනි නිදහස් උත්සවයේ කටයුතු මේ වන විට ආරම්භ වී තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සම්ප්‍රාප්තියත් සමඟ උත්සවයේ සෙසු කටයුතු ආරම්භ වීමට නියමිතය.

ගාලු මුවදොර පිටියේ දී උත්සවය පැවැත්වෙන අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස තායිලන්ත අග්‍රාමාත්‍ය ශ්‍රෙත්ථා තවිසින් සහභාගි වීමට නියමිතයි. ‘හදමු අලුත් රටක්’ යන්න මෙවර නිදහස් දිනයේ තේමාව වී තිබේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!