රට ලෝකයට ඔසවා තබා වසර 28යි(VIDEO)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 1996 ක්‍රිකට් ලෝක කුසලානය දිනාගෙන අදට (17) වසර 28ක් සපිරෙනවා.

අවසන් මහා තරගයේදී ඕස්ට්‍රේලියාව සමග ශ්‍රී ලංකාව තරග කළ අතර තරගය පැවැත්වුණේ පාකිස්තානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේදී.

එහිදී පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 50 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු සංඛ්‍යාව 241ක් ලබාගත් අතර ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 46.2කදී කඩුලු 3ක් පමණක් දැවී ලෝක කුසලානය ජය ගත්තා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!