පොහොට්ටුවේ මැයි රැළියට ඝෝඨත් නෑ. රනිලුත් නෑ

ලෝක කම්කරු දිනය යෙදෙන හෙට දිනයේ ශ්‍රී ලංකාවේ දැවැන්තම මැයි දිනය සමරනු ලබන්නේ පොදුජන පෙරමුණ විසින් බව හිටපු අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගෙ පැවසීය. ඵු මේ බව පැවසූවේ අද කැම්බල් පිටියේ මැයි දින වේදිකාව ඉදිකිරීම නිරීක්ෂණයට පැමිණ්ඊ අවස්තාවේදී මාධ්‍යවේදීන් අමතමිනි.

පක්ෂයේ සභාපති හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මෙම රැළිය පැවැත්වෙන බවත්, වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ සුබ පැතුම් පණිවිඩයක්ද ඊට එක්වීමට නියමිත බවත් ඔහු එහිදී පැවසීය.

හිටපු ජනාධිපති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) මැයි දින රැලියට සහභාගි නොවනා බවද පාර්ලිමෙන්තු මන්ත්‍රි මහින්දානන්ද අළුත්ගමගේ එහිදී අවධාරණය කළේය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *