ඩයනාගේ නඩුව උණුසුම් වෙයි

ඩයනා ගමගේ රාජ්‍ය ඇමතිණියගේ විදේශ ගමන් බලපත්‍රය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පැමිණිල්ල අද (02) කැඳවු අවස්ථාවේ දී දෙපාර්ශවයේ නීතිඥවරු අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිව තිබේ.

එම පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී ඩයනා ගමගේ ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු සහ අගතියට පත් පාර්ශවවලින් පෙනී සිටි නීතිඥ ගුණරත්න වන්නිනායක ඇතුළු නීතිඥවරුන් අතර ඇතිවූ උණුසුම් වචන හුවමාරුවෙන් ඇති වී ඇත.

එම නිසා නඩුව පසුවට කල්තැබීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් නියෝග කර ඇත.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *