අජිත් ප්‍රසන්නට බරපතළ වැඩ සහිත තවත් සිරදඬුවමක්

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරද පිළිගත් විශ්‍රාමික යුද හමුදා මේජර්, නීතිඥ අජිත් ප්‍රසන්තට අභියාචනාධිකරණය විසින් අද (08) මාස 06ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළේය.

එම සිරදඬුවම අජිත් ප්‍රසන්න දැනට ගෙවමින් සිටින වසර 04ක සිරදඬුවම් කාලය අවසන්වීමෙන් පසුව ක්‍රියාත්මක වන බවත් තීන්දුවේ සඳහන් වුණි.

වගඋත්තරකාර අජිත් ප්‍රසන්න මින්මතුවට අධිකරණයට අපහාස වන ආකාරයේ ප්‍රකාශ සිදු නොකරනු ඇතැයි තමන් විශ්වාස කරන බව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළේය.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු කරනු අජිත් ප්‍රසන්නට මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර 04ක සිරදඬුවම් නියම කර තිබුණි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *